පළාත් අතර සංචරණ සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලීසියට සහාය දැක්විම සඳහා යුද, නාවික හා ගුවන් හමුදාව කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ඊයේ රාත්‍රියේ සිට සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය. පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යාවශ්‍ය සේවා වල පුද්ගලයින්ට පමණක් බවත් අත්‍යාවශ්‍ය සේවාවල පුද්ගලයින්ද පරීක්ෂාවට ලක්කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ වන විට බස්නාහිරට ඇතුළුවන හා පිටවන සියලු ස්ථාන ආවරණය කරමින් මෙහෙයුම් ක්‍රියාත්මක බවද ඔහු පැවැසීය.
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බවත් එම සීමා උල්ලංඝනය කරමින් ප්‍රවාහන සේවා පවත්වාගෙන යන අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමෙක් පවතින හෙයින් සංචරණ සීමාවලට අනුගතව කටයුතු කරන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.