සහකාර පොලීසි අධිකාරී එම්. අබේසේකර මහතා හා සහකාර පොලිස් අධිකාරී එස්. වෙදගේ මහතා 2019-07-15 දින ක්රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් සිදුකර තිබේ.
ඊට අමතරව ප්රධාන පොලිස් පරික්ෂක ජී. කාලිංග මහතා 2018-07-10 දා සිට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් සිදුකර තිබේ.