නියොජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 64ට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
මෙසේ ස්ථානමාරුවීම් ලැබූ අය අතර නියොජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරික්ෂක, පොලිස් පරීක්ෂක යන නිලයන්ට අයත් නිලධාරීහු සිටිති.
එසේම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ඩී.යූ. හේමන්ත මහතාද ත්‍රිකුණාමල කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරුවීම් සිදුකර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව, සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථානමාරුවීම් ක්‍රියාවට නංවා තිබේ.