එක්සත් ජාතික පක්ෂය විසින් අද දිනයේදි කොළඹදී පවත්වන විරෝධතාවයේදී කිසිම කලහකාරී සිදුවීමක් සිදු නොවන ලෙසට උපරිම ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස්පත් පූජිත් ජයසුන්දර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර පැවැති විශේෂ රැස්වීමකදී ඔහු මෙම උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව කොළඹ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2000ක්, රථ වාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 600ක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 10ක් කොළඹට කැඳවා තිබේ.