ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැනනැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබඳ අවධානය යොමු කිරීමට මෙසේ දෙපාර්ශ්වය කැඳවීමට තීරණය කර ඇතැයිද කථානායක මාධ්‍ය ඒකකය පවසයි.