හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව විත්තියේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතාට, දූෂණ මර්ධන කමිටු කාර්යාලයේ අධ්යක්ෂජනරාල්වරයාට හා පොලිස්පතිට එළැඹෙන 13දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් සිතාසි නිකුත් කිරිමට එම අධිකරණය නියෝග කළේය.
එම සිතාසි පොලිස් මූල්‍ය අපරාධ ඒකකය හෝ අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් යොමුකරන ලෙසත් මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.