Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
මේ සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග නොගත්ත බවට චෝදනවක් එල්ල වෙලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නිකරුණේ එකිනෙකාට බනින්නේ නැතිව, සැබෑ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කල යුතුයි. මේ අවස්ථාවේදි පොලිස්පති නිසි පරිදි සිය රාජකාරිය ඉටුකළානම්, මෙවැනි විනාශකාරී කටයුත්තක් සිදුනොවන්න තිබණා යැයි විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 26 වන ගුණානුස්මරණ පින්කමට එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
"ඉදිරි දැක්මක් සහිතව, රට වෙනුවෙන් කැපවෙලා කටයුතු කළ හැකි ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින් ශ්‍රී ලංකාවට නැතිවීමේ පාඩුව අද අපට පැහැදිලිව පෙනෙනවා. මෙවැනි නායකයින් ආදර්ශයට ගෙන රට වෙනුවෙන් කැපවෙලා, රට ඉදිරියට ගෙනයන්න අප සූදානම් විය යුතුයි. එදා ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින් රටට දුන් නායකත්වය ආදර්ශයට ගෙන අප ක්‍රියා කළ යුතුයි. රටේ ආර්ථිකය තුළින් අපට සෑහෙන පෙරලියක් කල හැකියි.
අද රටේ උද්ගතවී ඇති මෙම තත්ත්වය පිළිබදව අප සැලකිලිමත් විය යුතුයි. අපේ රටේ පමණක් නොවෙයි, සමස්ත ලෝකයේම මෙවැනි ත්‍රස්තක්‍රියා සිදුවෙනවා. නමුත් මේ පිලිබදව අප සැලකිලිමත්වී මෙවැනි ක්‍රියා මර්දනයට කටයුතු කළ යුතුයි.
නවසීලන්තය, ප්‍රංශය, ඇමරිකාව, එංගලන්තය වැනි රටවලත් මෙවැනි ත්‍රස්තක්‍රියා සිදුවෙද්දි, ශ්‍රී ලංකාව පමණක් මෙවැනි දේ නොමැති හුදෙකලා රටක් වෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරි දැක්මක් සහිතව අවධියෙන් සිටිය යුතුයි. කුමන අවස්ථාවේ, කුමන ආකාරයකින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙයිද කියලා අපට කියන්න බැහැ. එදා ලලිත් ඇතුලත්මදලි මැතිතුමන් ආරක්ෂක අමාත්‍ය ධූරය දරන අවස්ථාවේ, මෙවැනි දේ පිළිබදව ඉතාමත් විමසිලිමත්ව කටයුතු කරලා, තීන්දු තීරණ අරගෙන මේ පුංචි ලංකාව රැකගත්තා” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.
popular news
කෝලිත Tuesday, 23 April 2019 03:57 PM
හරි එකෙක් හිටියනම් උබත් තාම ඇතුලෙ..උබලගෙ රොත්තක්ම ඇතුලෙ....ස්තුති කරපන්..සුදුස්සො කපල උබලගෙ අගමැට්ට වගෙ හැලපයෙක් ඉන්නවට...
Reply : 0 0
Champa Tuesday, 23 April 2019 04:23 PM
නිකම් යනවා යන්න. දැන් එනවා පොලිස්පතිගේ පිටින් දාන්න. පොලිස්පතිට ජනාධිපති, අගමැති බලතල දීල තිබ්බ නම් ඔය චෝදනාව කලාට කමක් නැහැ. පොලිස්පතිට දීල තිබ්බ නියෝගේ ඇමති ආරක්ෂක අංශය දැනුවත් කරන්න විතරයි. ඒක කරලා තියෙනව. මේක වගකීම ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම් සහ කැබිනට් ඇමතිවරු සියල්ලෝම ගත යුතුයි. මේ හැමෝම මේක දැනගෙන හිටිය. වහල් ආණ්ඩුවත් මේකේ කොටස්කාරයෙක්. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නම් අනිත් බෝම්බ 3 කවුද තිබ්බේ? මේක ආණ්ඩුව දැනුවත්ව ආණ්ඩුව කරපු වැඩක්. මනෝ ගනේෂන් දන්නවා නම් මෙහෙම වෙනවා කියලා, හරීන්ගේ තාත්ත දන්නවා නම් කොච්චිකඩේ පල්ලියේ බෝම්බයක් පුපුරුවන්න නියමිතයි කියලා, අගමැති සහ අනිත් ඇමතිවරු ඔක්කොමත් ඒ බව දැනගෙන හිටිය. බෝම්බ කරුවෝ අල්ලන්න පටන් ගත්තේ යන්තම් පැය කීපයක් යනකොට. හරියට නිකම් මැජික් එකකින් වගේ. ඒ කියන්නේ ආණ්ඩුව දැනගෙන හිටිය කවුද කොතනද කොහොමද බෝම්බ පිපිරුවන්න සැලසුම් කලේ කියල. ජනාධිපති, අගමැති දෙන්නම දැනගෙන හිටිය හැබැයි හිතුව ඒක පිටින් දාල චන්ද කල් දාගන්න පුළුවන් කියල. තිරුපති ගිහින් එන්න ගියපු ජනාධිපති තව ටික දවසක් රටෙන් පිටට වෙලා හිටිය බෝම්බ ටික පිපිරිලා ඉවර වෙනකම්.
Reply : 0 0
lion Tuesday, 23 April 2019 04:41 PM
තමුන්ගේ කට kadila da thamunge යාළුවා තමුන්ගේ ලොක්කට ආරක්ෂක මණ්ඩලේට රැස්වීම්වලට කතා කලේ නැහැ කියන්න.
Reply : 0 0
Sahan Randeniya Tuesday, 23 April 2019 05:02 PM
This is what happens when bitches take over things they can't do.
Reply : 0 0
Riz Tuesday, 23 April 2019 07:40 PM
නිකන් රජයේ නිලද්දරින්ට දොස් නගල තමන්ගේ වැරදි නිලදාරින් පිටින් යවන්න එපා mister. පොලිස්පතිට නිදහසේ රාජකාරි කරන්න තමුන්නාන්සේලා ඉඩදීලා තියනවද?. ඒ මනුස්සයට තමන්ගේ දෙපර්ට්මෙන්ට් එකේ මාරුවක් වත් කරන්න පුලුවන්ද? එතකොට ඒ මනුස්සය විනයක් එතුව පාලනය කරන්නේ කොහොමද? බල මුළු dekak අතරේ ඒ මනුස්සය මෙතෙක් කල් හිටිය නිලදාරීන් අතර අමාරුම රාජකාරියක් karanne. ඔය ත්රස්ට කණ්ඩායම් වලට රෙකවරණය දෙනව කියන දේශපාලකයින් ඔය හෙම ආණ්ඩුවක්ම ආරක්ෂා කරා/karanawaa නේද? ඒ ඕගොල්ලන්ගේ පටු අරමුණු වලට නේද?. අවුරුදු ගණනාවක් නඅගෙනහිර ඔය kriyaa sambandawa ඕගොල්ලෝ මොනවද kare.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd