කටහඩ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහත එම දෙපාර්තමේන්තුවේ විනාඩි 45 ක පමණ කාලයක් රැඳී සිටිමින් සිය කටහඩ පරීක්ෂණයට මුහුණ දී තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිම තැතක් පිළිබඳව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වට අදාළව කරන පරික්ෂණවලට අදාළව පොලිස්පතිවරයා මෙසේ කටහඩ පරීක්ෂණයක් සඳහා මුහුණ දුන්නේය.