පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවපාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
ජනාධිපතිවරයාට,අගමැතිවරයාට හා ජාතික පොලිස් කොමිසමට පොලිස්පතිවරයා සම්බන්ධව නිර්දේශ පමණක් ඉදිරිපත් කළ හැකිබවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයා ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්නොවුවහොත් සියධුර කාලය අවසන් වනතුරු ඔහුට එම ධුරයේ රැඳී සිටිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
19 වැනි සංශෝධනයෙන් පසු ව්‍යවස්ථා සභාව අවුරුදු තුනක කාලසීමාවකට ස්වාධීන කොමිෂන් සභා පිහිටු වූ බවත්, ඒ අනුව පිහිටු වූ පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාසම්බන්ධව නිර්දේශයක් නිකුත් කළ පසුඔහු ඉවත් කිරීම සඳහා ක්රියාමාර්ගගැනීමටඉන් ඉදිරියටදීර්ඝ ක්‍රියාවලියක් තිබෙන බවත්ප්රේම්ජයන්තමහතා ප්‍රකාශ කළේය.
පොලිස්පතිවරයා පොලිස් කොමිසම සමග ගැටුම් ඇතිකරගැනීම නිසා මීට පෙර ඔහු පොලිස් කොමිසමට කැඳවා කරුණු විමසා තිබුණු බවත්,ඉන්පසුව පූජිත් ජයසුන්දර මහතා හැසිරුණු ආකාරය නිරීක්ෂණය කිරීමේදී පොලිස් කොමිසම ලබාදෙන නියෝග පිලිගැනීමටඔහු සූදානම් නැතැයි පැහැදිලි වන බවත් හෙතෙම පවසා සිටියේය.