පොලිස්පතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් පැමිණියහොත් ඒ සඳහා 15 දෙනාගේ කණ්ඩායම පූර්ණ සහයෝගය ලබාදෙන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට මේ පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට නියමිත බවට වාර්තාවන බවත්, යෝජනාව පාර්ලිමේන්තුව තුළද සුළුතරයෙන් බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ඝාතන කුමන්ත්‍රණ සැලැස්මේදී චෝදනා එලල්වී තිබෙන හිටිපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ගජ මිතුරා පොලිස්පතිවරයා බවත්, පොලිස්පතිවරයා අගමැතිවරයාගේ ගජමිතුරෙකු බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
පොලීසිය මෙහෙයවීම අරලියගහ මන්දිරයෙන් සිදුවන නිසා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුකිරීමට නීතිය සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පත්කළ යුතු බවද එස්.බී. දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.