පොලිස්පතිවරයාගේ ඉල්ලා අස්වීමක් පිළිබඳ කිසිදු දැනුවත් කිරීමක් තමාට හෝ තම අමාත්‍යවරයාට දන්වා නොමැති බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සිරිකොතදී අද (16 දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පොලිස්පතිවරයා එම තනතුරෙන් ඉවත් වූ පසු වෙනත් රටක තානාපතිවරයෙකු ලෙස පත්කරන්නේ යැයි පැවසෙන ප්රකාශයන්හි ද කිසිදු සත්‍යතාවක් නොවන බවයි.
එවැනි කිසිදු යෝජනාවක් රජය විසින් සිදුකර නොමැති බවත් එවැනි තානාපතිවරුන් පත් කරනු ලැබුවේ වර්ෂ 2015 ට ප්‍රථම කාලයේ වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.