පොලිස්පති පූජිත් ජයසුන්ද මහතා ඊයේ දිනයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ සඳහන් කළත් ඔහු තවමත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැත.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් පොලිස්පතිත්, ආරක්ෂක ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
එයට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුවත් පොලිස්පති ඉල්ලා අස්නොවීය. මේ අතර රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රතික්ෂේප කර ඇති බවයි.