කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව covid – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා - ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත් වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ
- මීගමුව
- වත්තල
- පෑලියගොඩ
- රාගම
- කැලණිය
අටලුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්,
- බෝගහවත්ත
- බමුණුමුල්ල මුස්ලිම් ප්‍රදේශය
- හිරිමන්තුඩාව
- කෝරාවල
- අටලුගම බටහිර
- බමුණුමුල්ල
- ගලහමණ්ඩිය