කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ අද (29දා) අලුයම වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කොට පළාගිය සැකකරු නිකවැරටිය නගරයේ දී අත්අඩංගුවට ගත් බවත්, ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනෙකු අධිකරණ තහනම් නියෝග පවතින දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමේදී අදාල සිද්ධිය සිදුව තිබේ.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා