පොලිස් කොස්තාපල් ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
- 22 02 2020
- 09:51
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව මේ වන විට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 23ට අඩු තරණයෝ වෙති.
සැකකරුවන් අද පන්නල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පැහැරගෙන යාමට යොදාගත් ත්‍රි රෝද රථයක්, ඝාතනය සඳහා යොදාගත් බව කියන කඩු දෙකක් හා ජංගම දුරකතන පහක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
