පොලිස් නිලධාරීන් බැන වැදුනයි උරනව පානදුර පින්වත්ත පොලිස් මුරපොළේ පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා හෙරෝයින් මත්කුඩු සමග ඊයේ 2 අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි .
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
එම ගිනි තැබිමෙන් කැබ් රථයේ ඉදිරිපස අසුනට සහ වහලෙට බරපතළ අලාභ සිදු වී තිබිණි .
ඉකුත් 1 වෙනි දින රාත්‍රී 9. 45 ට පමණ සැකකාර පුද්ගලයා පොලිස් මුරපොළේ පිටුපස දෙසින් පැමිණ කැබ් රථයේ ඉදිරිපස දොර ඇර භූමිතෙල් දමා ගිනි තබා තිබූ බව පොලිසිය කියයි .
කැබ් රථය ගිනි ගන්නා අයුරු දුටු පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් කැබ් රථය මුළුමනින්ම විනාශ වීමට ඉඩ තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
එම ගිනි තැබීම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණ වලදී එම සැකකරු පින්වත්ත මුරපොළ අසල කැලෑව තුළ සැඟව සිටියදී අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු බැණවැදීම සම්බන්ධයෙන් උරණව මෙම ගිනි තැබීම සිදුකළ බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන පානදුර ,පින්වත්ත , ශීලානන්ද මාවත පදිංචිකරුවෙකි .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
බිමල් ශ්‍යාමන් ජයසිංහ