කොළඹට පැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම්වලින් විශේෂ අධිකරණය හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරක්ෂා කිරීමට අද (05දා) විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
විශේෂ නඩු සම්බන්ධ ලිපිගොනු තිබෙන ස්ථානවලට යම් යම් දේවල් සිදු කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
එහෙත් පෙළපාළි යෑමට හා සාමකාමීව උද්ඝෝෂණය කිරීමට බාධාවක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
පැමිණෙන පිරිස් අද කොළඹදී කලබල කිරීමට උත්සාහ කරමින් තිබෙන බවට වාර්තා වන බවද ඒ මහතා සඳහන් කළේය.
උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතිය සියයට සියයක්ම පොලීසිය තහවුරු කරන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කොළඹ නගරය තුළ සාමාන්‍ය දිනයක මෙන් අද දිනයේදී පොලිස් ආරක්ෂාව සලසන බවද හෙතෙම පවසා සිටියේය.
මහජන අපහසුතාවන් ඇති වුවහොත් එය පාලන කිරීමට ලැබී තිබෙන බලතලවලට අනුව කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.