ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු බලන්ගොඩ තංජන්තැන්න ප්රදේශයේ සැකපිට ඊයේ (13) දා රාත්රියේ අත්අඩංගුවට ගත් බව කල්තොට පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් කල්තොට පොලිස් බල ප්රදේශයට අයත් තංජන්තැන්න ප්රදේශයේ පදිංචිකරැවන් බව පොලීසිය පවසයි.
කල්තොට පොලීසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි මොවුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.ෙ
සැකකරුවන් අද (14) බලන්ගොඩ මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.