කොරෝනා වෛරසය ආසාදිත බවට පසුගිය 13දා තහවුරු වුනු කොළඹ ජාතික රෝහලේ සේවය කරන වලල්ලාවිට පැලවත්ත පදිංචි හෙදියගේ, පවුලේ සාමාජිකයන් 05 දෙනාට වෛරසය ආසාදනය වී නැතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අතුකෝරළ මහතා පැවසූයේ පසුගිය 15 දා සිදු කළ පීසීආර් පරීක්ෂණ වාර්තා අද සවස ( 16 දින) ලැබුණු බවත් ඒ අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නැති බවයි.
කෙසේ වුවද ඔවුන් පස්දෙනා ආසාදිත අයගේ පළමු ආශ්‍රිතයින් බැවින්, තවදුරටත් නිරෝධායනයට ලක්කරන බවත්, නැවත වරක් පීසීආර් පරීක්ෂණයට ලක් කරන බවත් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.
ප්‍රේමතිලක පෙරමුණ