බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
පිරිමි පුද්ගලයින් 50 දෙනෙකු සහ කාන්තාවන් 48 දෙනෙකු ගුවන් හමුදා පලාලි නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට ලක්වු අතර මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.
පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වු පුද්ගලයින් පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අසේල ජයසේකර ඇතුළු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු අද (19) දින ඔවුන් තම නිවෙස් වෙත පිටත් කර හරින ලදි.