පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයන් සහ රියදුරන් 40 දෙනෙකු ඊයේ (24දා) කල්පිටිය රෝහලේදී පී. සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කරමින් සිටිය දී, ඒ සදහා සහභාගී වීමට පැමිණ සිටි 32 හැවිරිදි විවාහකයෙකු හදිසියේ මිය ගොස් ඇතැයි, කල්පිටිය පොලිස් ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා පවසයි.
මෙම පුද්ගලයා පසුගිය 21 දා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය කන්දකුලිය පදිංචි එක් දරු පියෙකු වන රියදුරෙකි. මොහු පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කිරීමට පෙර හදිසියේම මිය ගොස් ඇත.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි