පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල නැවත විවෘත කිරීමේ පළමු පියවර ලෙස තොග ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවධානය යොසු යොමුව තිබේ.
මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීමෙන් පසු ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට මුදල් හුවමාරු කිරීම පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබේ.
මේ පිළිබදව සොයා බැලීම සඳහා අද (17දා) විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් වක් ධීවර අමාත්‍යාංශයේදී පවත්වන ලදි.
මුදල් නෝට්ටු ගණුදෙනු කිරීමෙනුත් කොරෝනා වෛරසය පැතිරෙන බව සනාථ කර ඇති හෙයින්, තොග මත්ස්‍ය වෙළද කටයුතු වලදී මුදල් නෝට්ටු හුවමාරුව වෙනුවෙන් ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට මුදල් හුවමාරුව ක්‍රියාත්මක කිරීම පිළිබදව ලංකා බැංකු නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදි.
එසේම ධීවර අමාත්‍යවරයා හමු වු දේශීය ටින් මාලු නිෂ්පාදකයින් හා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් තමන් මුහුණ දෙන ගැටළු පිළිබදව පැහැදිලි කල අතර එයට විසදුම් ලබා දෙන්නේ නම් සැලකිය යුතු විදේශ විනිමයක් රටට ලබාදීම සදහා තමන්හට දායක විය හැකි බවට සහතික විය.
මේ පිළිබදව අදහස් දක්වමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තමන් ජනාධිපති හා අග්‍රාමාත්‍ය සමග සාකච්ඡාකොට දේශීය ටින් මාලු නිෂ්පාදකයින් හා මුහුදු ආහාර අපනයනකරුවන්ටත් සාධාරණ විසදුමක් ලබා දෙන බව පැවසීය.