පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයව ඇත.
ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම නිසාවෙනි.
පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අද සිට සීමා කෙරෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.