කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මහජනතාවට ගැවසීම අවම කිරීම අරමුණු කර ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු, තොග වෙළඳාමට පමණක් සීම කරන අතර, සිල්ලර වෙළඳ කටයුතු තාවකාලිකව අත්හිටවා තිබේ.
එබැවින් සිල්ලර වෙළඳ කටයුතු සිදුකිරීමේ අරමුණින් හා සිල්ලරට මාළු මිලදී ගැනිමේ අරමුණින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය වෙත ප්‍ර වේශවීමෙන් වළකින ලෙසද අමාත්‍යාංශය ඉල්ලා සිටියි.