පවතින කොවිඩ් වයිරසය පැතිර යාමත් සමග මාතලේ පලාපත්වල නගරය සහ මඩවල උල්පත නගරවල කඩසාප්පු ඇතුලු සියලු වෙළදසැල් සවේඡාවෙන් වෙළදසැල් හිමියන් විසින්ම අද (13දා) සිට 18 දින දක්වා වසා දැමිමට පියවර ගත්හ.
තොග සහ සිල්ලර වෙළදසැල්, බාර්, සැලුන්, සංනිවේදන මධ්‍යස්ථාන, එලවලු හා මාළු වෙලදසැල් ඇතුලු සියලු ස්ථාන වසා දැමිට පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කල්වෙලා ඇතිව ගැනීම සඳහා වෙළදසැල් හිමියෝ කටයුතු කළහ.
පලාපත්වල වෙළද සංගමයේ ලේකම් ජේ.ජි දිසානායක මහතා කියා සිටියේ පවතින කොවිඩ් වසංගත තතත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවත් කොවිඩ් තත්වය හේතුවෙන් ජනතාව ඒකරාශි විම හා අනෙකුත් කටයුතු අවම කිරිමේ අරමුණින් මෙය සිදුකළ බවයි.
මාතලේ ප්‍රාදේශිය සභෘවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා කියා සිටියේ වෙළද ප්‍රජාව වෙතින්ම මෙම ඉල්ලිම සිදු කළ බවත් ඔවුන්ට සහයක් ලෙස ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතියකට සැහෙන පරිදි ලබා ගන්නා ලෙස ප්රචාරක රථ මගින් දැනුම් දුන් බවත් මෙවැනි තත්වයකදි වෙළද ප්‍රජාව විසින්ම සිදු කළ කාර්ය අගය කරන බවයි.
මහේෂ් කීර්තිරත්න