කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන ‘පුලතිසි’ නගරාන්තර ශිඝ්රගාමී දුම්රිය අද (11දා) පස්වරුවේ ගමන් ඇරඹී ය.
ජනාධිපතිවරයාද එම මංගල ගමනට එක්වෙමින් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.
දිනපතා සවස 3.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාත්රී 7.45 වන විට පොළොන්නරුවට ළගාවීමට නියමිතව ඇත.
පසුදින අලූයම 3.45ට පොළොන්නරුවේ සිට කොටුව දක්වා යළි ගමන් ආරම්භ කිරීමට නියමිතය.
නව ශීඝ්රගාමී දුම්රිය පොළොන්නරුව, කුරුණෑගල, මහව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.
ශ්රී ලංකා දුම්රිය සේවයට අලූතින් එක්වූ ‘පුලතිසි’ නගරාන්තර ශිඝ්රගාමී දුම්රිය එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියකි.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පුලතිසි ශීඝ්රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරිණි.