අගෝස්තු 1 වනදායින් පසු පොලිතින්, ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ මුදල් ඉහළ දමා තිබේ.
මීට පෙර එම දඩ මුදල රුපියල් 10,000 ක් වූ අතර, අගෝස්තු පළවනදායින් පසු පොලිතීන් සහ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමත් සමඟ එම දඩ මුදල ලක්ෂය දක්වා ඉහළ දමා ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.