පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශය තුළ covid 19 වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා දැනට හුදකළා කර ඇති ගම්මාන කීහිපයේ බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පවුල් 7 ක පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය බලධාරීහු පවසති.
පසුගියදා හදිසියේම රෝගාතුර වූ පොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ කාන්තාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (17) දා මියගිය පසු කළ පී .සී.ආර් පරීක්ෂණයේ දී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා විය.
ඉන් අනතුරුව මියගිය කාන්තාවගේ ආශ්‍රිතයින් සොයා කළ පී.සී.ආර් පරීක්ෂණ මගින් මෙම කොවිඩ් අසාදිත පුද්ගලයින් 14 දෙනා හඳුනාගෙන ඇති අතර එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් අද (22) දා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පොල්ගහවෙල මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.
අලව්ව අධිකාරි මුදියන්සේ