පොල්ගහවෙල පොලිස් බල ප්රදේශයේ ගම්මාන කීපයක් (18) දා සවස සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.
ඒ අනුව පොල්ගහවෙල මඩලගම, බන්දාව, අළුත්ගම යන ගම්මාන මෙසේ සංචරණ සීමා පනවා හුදෙකලා කළ අතර බන්දාව ප්රදේශයේ සියළුම වෙළඳ සැල් වසා දැමීමට ද පොලිසිය කටයුතු කෙරිණි .
ඒ පසුගිය (16) දා හදිසියේ රෝගාතුරව ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පොල්ගහවෙල බන්දාව අළුත්ගම ප්රදේශයේ පදිංචි 62 හැවිරි කාන්තාවක් ( 17) දා මිය යාමෙන් පසු මියගිය කාන්තාවට කළ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු කොරෝනා ආසාදිත බව වාර්තා වි ඇත.
අලව්ව අධිකාරි මුදියන්සේ