පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මෙම සෙවිකාවන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ සහ පොල්ගහවෙල හඳුගල ප්‍රදේශයේ සිට මෙම ඇඟළුම් කම්හලේ සේවයට පැමිණෙන ප්‍රවාහන සේවයේ පළමු පෙළ ආශ්‍රිතයින් 40 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත .
එම සේවිකාවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රදේශයේ ආසාදිතයන් මගින් බවත් ඔවුන් දෙදෙනා සේවය කරන ඇඟළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ තවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සිටි ද යන්න (27) දා ඇඟළුම් කර්මාන්ත ශාලාවේ නිලධාරින් සමඟ විමර්ශනයක් කර ඉදිරි කටයුතු කරන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි .
අලව්ව අධිකාරි මුදියන්සේ