මධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (11) දින විවෘත කළ බව එහි ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව අද (11) පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු දෙක් ද අධික වර්ෂාව පැවතී ඊයේ (10) දින වාන් දොරටු පහක්ද අඩි හතරක් බැගින් ද එසවීමට කටයුතු කෙරිණි.
මේ හේතුවෙන් ජලාශය පහල වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බව ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
දුම්බර _ එම්. ආර්. ප්‍රදීප්