බුරවි සුළි කුණාටුවේ බලපෑම මධ්‍යම කඳුකරයටද බලපෑම හේතුවෙන් ඊයේ 02 සිට මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කියයි.
පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කර ඇති බවත් එමගින් තත්පරයකට ඝණ අඩි 6500 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හරින බවයි.
ඉදිරියේ පවතින වැසි තත්ත්වය මත මෙය වෙනස් විය හැකි බැවින් ගඟ දෙපස පදිංචිව සිටින පිරිස් සහ ගඟ භාවිතා කර පිරිස් ඉතා අවධානයෙන් සිටිය යුතු බවත් කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහනුවර මොහොමඩ් ආසික්