කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු මහතා අද (16දා) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 68 වැනි වියේ පසුවූ ප්‍රනාන්දු මහතා,කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර වේග රිද්ම ගායකයෙකු ලෙස අතිශයින් ජනප්‍රිය වූවෙකි.
ඒ අතරින් ගොළු හදවත විවර කරන්න,සඳ පාන වගේ,ආවේ වන බඹරෙක් වාගේ,සුපුන් සඳක් අහසෙ පාවුණා,එගොඩ ගොඩේ මල් නෙළනා, සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා ආදී ගීත රසික හදවත් හද බැඳ ගත්තේය.
1969 වසරේදී ටැලන්ට් සික්සි නයින්ට් ගායන තරගයේ ජයග්‍රහණය ලබමින් ගායන ක්ෂේත්රයට පිවිසුණු පෝල් ප්‍රනාන්දු දශක ගණනාවක් එක ලෙස සිය ජනප්‍රියත්වය පවත්වා ගැනීමට සමත් වීමටද සමර්ථ වූයෙකි.
1951 වසරේ නොවැම්බර් 24 වනදා මොරටුවේදී උපත ලැබූ ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවෙකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිත අතර කෝවිඩ් අවදානම හේතුවෙන් අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවද තවමත් තීරණයක් ගෙන නොමැත.