මේ වනවිට නිෂ්පාදනය අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකොට සතියක් ඇතුළත එම කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස්දී තිබේ.
හෙතෙම මෙම උපදෙස් ලබාදී ඇත්තේ, නිසි පරීක්ෂණයකින් තොරව මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලා 13ක නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තේ මණ්ඩලය ගෙන ඇති පියවර හේතුවෙන් ලක්ෂයක පමණ පිරිසක් මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව ඇති බවට මධ්‍යම පළාත් තේ කර්මාන්තකරුවන් විසින් කරන ලද පෙන්වාදීමකින් අනතුරුවය.
අදාළ කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවතිණි.
ඒ අනුව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අදාළ තේ කර්මාන්ත ශාලා සඳහා වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ සිදුකරන ලෙසයි.
එසේම නීතිවිරෝධී ආකාරයේ තේ නිෂ්පාදනයක් කර්මාන්ත ශාලා තුළ සිදුවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.