රජය පනවා ඇති පාලන මිලට පරිප්පු හා ටින්කළ මාළු ලබා දිය නොහැකි බවත් එහෙත් පාරිභෝගිකයන් මුහුණ පා ඇති මෙම දුෂ්කර අවස්ථාවේ ටින් මාළු ග්රෑම් 425ක ටින් එකක් රුපියල් 192ක මුදලකට අලෙවි කරන බවත් ඔවුන් සඳහන් කරයි. පරිප්පු කිලෝ එකක් රුපියල් 134කට අලෙවි කරන බවද ඔවුන් පවසයි.
එම මිල තමන්ගේ ගැණුම් මිලටත් වඩා අඩු බවත් පාරිභෝගිකයෙකුට එක් අවස්ථාවකදී මිලදී ගත හැක්කේ පරිප්පු කිලෝ දෙකක් හා සැමන් ටින් දෙකක් බවත් ඔවුන් පවසයි.
