පරාජයට වූ මන්ත්රීන් නිල නිවාස භාර නොදීමෙන් නවක මන්ත්රීන්ට ගැටලුවක්
මෙවර මහා මැතිවරණයෙන් පරාජයට පත්වූ පසුගිය පාර්ලිමේන්තුව නියොජනය කළ මන්ත්රීවරුන් තම නිල නිවාස බාර නොදීම හේතුවෙන් දුරබැහැර සිට පැමිණෙන නවක පාර්ලිමේන්තු මන්ත්රීවරැන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි 'අද'ට වාර්තා වේ.
ඒ අනුව නවක මන්ත්රීවරුන් මේ පිළිබඳ රජය දැනුවත් කර ඇති අතර එහිදී ඔවුන් පැමිණිලි කර ඇත්තේ දුරබැහැර ප්රෙද්ශයන්හි සිට පැමිණෙන මන්ත්රීන් කොළඹට පැමිණීමේදී ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස්වල නොමැතිනම් මුදල් ගෙවා හෝටල් කාමරවල නවාතැන් ගන්නා බවයි.
තමන් මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබඳ කඩිනමින් අවධානය යොමුකර නවාතැන් ගැනීමට සුදුසු ස්ථාන ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලීම් කර ඇති බව සඳහන්ය.
කෙසේවුවද මේ පිළිබඳ සොයා බැලීමේදී වැඩිදුරටත් වාර්තා වූයේ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කර එහෙත් මෙවර මහා මැතිවරණයෙන් පරාජයට පත්වූ මන්ත්රීන් රැසක් තවදුරටත් අදාළ නිඝ නිවාසයන් තම පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

