ඊයේ (21දා) දින සිදුවූ සිදුවීමේ සමස්ත වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම සිදුවීමේ වගකීම එකිනෙකාට පවරා ආණ්ඩුවට නිදහස් විය නොහැකි බවත්, මෙවැනි ප්‍රහාරයක් සිදුවන බවට තොරතුරු ලැබී තිබියදී, ඒ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය කටයුතු නොකළා නම්, එය ඉතාමත් බරපතළ කාරණයක් බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ නිසා මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.