ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි වාර්තාවන් ලැබී තිබුණත් ඒ පිළිබඳව රාජ්‍ය ආයතනයන්හි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සහ දේශපාලන නායකත්වය විසින් එවැනි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ප්‍රශ්න රාශියක් මතු කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසය.
එහි විධායක අධ්යක්ෂ, අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කරන්නේ සියලුම රාජ්‍ය ආයතන අතර පුළුල් වශයෙන් තොරතුරු හුවමාරුකරගැනීමේ අවශ්‍යතාවයක් තිබිය යුතු බවයි.
ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ ආයතන සංග්‍රහය මඟින් ශක්තිමත් කර ඇති රහස්‍යභාවය පිළිබඳ වර්තමාන සංස්කෘතිය විසින්, රාජ්‍ය ආයතන, සීමිත පොදු අරමුණකින් යුතුව තම තමන්ගේ බල සීමාව තුළ කටයුතු කිරීමේ වාතාවරණයක් පෝෂණය කරන බවද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්වය නිසා එකම ගැටලු පිළිබඳව විමර්ශනය කරන තරඟකාරී ආයතන දෙකක් ඔවුන් අතර තොරතුරු හුවමාරු කරගැනීමට පසුබට වන අවස්ථාවන් අත්දැක ඇති බවත් එය පැහැදිලිවම මහජන යහපතට එරෙහිව ක්‍රියා කිරීමක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.