පසුගිය ඉරිදා (21) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරිම පිළිබඳ සොයා බැලීමට පත් පත් කළ ජනපති විශේෂ පරික්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට වෙත යොමු කිරීමට නියමිතව තිබේ.
ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර තවත් සතියක පමණ කාලයකින් පසු ජනතාවට ද විවෘත කරන බව සඳහන්.