මෑත කාලය තුළ පාරිසරික හානි කිරීම් වැඩිපුර වාර්තා වෙතැයි ජනමාධ්‍ය ඔස්සසේ පළ වන ප්රවෘත්ති වාර්තා සැළකිල්ලට ගනිමින් කිසියම් ස්ථානයක පාරිසරික හානියක් සිදු වුවහොත් ඒ පිළිබඳව වහාම තමන් මෙන්ම පරිසර අමාත්‍යාංශය දැනුම්වත් කිරීම සඳහා ඝෘජු දුරකථන අංක 03ක් හා ජංගම දුරකථනය අංකයක් හඳුන්වා දීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද දින (15) ප්‍රකාශ කළේය.
පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ 1991, මධ්‍යම පරිසර අධිකාරියේ 1981, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ 1921 දුරකථන අංකත්, අමාත්‍යවරයාගේ පුද්ගලික දුරකථනය වන 0707-555666 දුරකතන අංකයට වට්ස්අප් පණවිඩයක්, කෙටි පණිවිඩයක් හෝ විඩියෝ හෝ එවන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.