මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියන්හි යම් වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇති බවට මහජනතාවගෙන් පැමිණිලි ලැබී තිබේදැයි සොයා බලා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා වෙත මෙම උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබාදී ඇත්තේ ඊයේ (17දා) පැවැති එම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
එසේම මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ පවතින භාවිතයට නොගන්නා ගොඩනැගිලි වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදීමට කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබදවද අවධානය යොමුකළ ජනපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ ආයතනය වෙත ප්‍රමුඛතාව මත ඒවා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසයි.