ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ පෙර දිනට සාපේක්ෂව 4,203කින් ඉහළ ගොස් ඇති අතර, මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 367,095ක් දක්වා වැඩිවී තිබේ.
එමෙන්ම ගෙවීගිය දිනයේදී තවත් කොවිඩ්-19 මරණ 25ක් ප්‍රංශයෙන් වාර්තා වන අත, මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාවද 30,732ක් ලෙස වාර්තා වෙයි.
ලොව හත්වැනි වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර, ඉතාලිය, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දියාව, බ්රසිලය සහ එක්සත් ජනපදය ඉදිරියෙන් පසුවෙයි.
යුරෝපයේ නව කෙරෝනා වෛරසය පැතිර යන මුල් අවධියේදී ඉන් බැටකෑ ප්‍රංශය ක්‍රමයෙන් වෛරසය පාලනය කර රට විවෘත කළත්, මේ වනවිට එරට තුළ වෛරසය යළි ක්‍රමයෙන් හිස ඔසවන්නේ අවදානම තවම පහව ගොස් නැති බව සිහි කරමිනි.