දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හරහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගිවිසුම් ගතව තිබේ.
මාර්ග ආයෝජන වැඩසටහන 2017දී අත්සන් තැබූ අතර එහිදී අදියර වශයෙන් ඩොලර් මිලියන 900ක් ලබාගැනීමට නියමිතය. මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් මේ වන විට ලබාගෙන තිබේ.
මෙම වැඩසටහනේ තෙවැනි අදියර යටතේ මෙම ඩොලර් මිලියන 200 ලබාගැනීමට නියමිතය. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් අතර අද (28දා) ගිවිසුම් අත්සන් කරනු ලැබීය.