මහනුවර හන්තාන ප්‍රදේශයේ භික්ෂු පිරිවෙනක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 නමකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි .
එම පිරිවෙනේ ශිෂ්යභික්ෂූන් වහන්සේලා 60නමක් ධර්ම අධ්‍යාපනය හදාරන බවද පැවසේ .
එම භික්ෂූන් වහන්සේලා එතරම් අසාධ්‍ය තත්ත්වයේ නොවන බැවින් පිරිවෙන තුලමවෛද්ය ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය අංශ පියවර ගෙන තිබේ .
මේ අතර ඇඳන් 25 ක් සහිතව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ම ස්ථාපිත කළ මහනුවර වැව රවුමේ ඩෙවෝන් හෝටලයේ භික්ෂු වෛද්‍ය ප්‍රතිකාර ඒකකයද මේ වන විට සම්පූර්ණ වී ඇති බවත් ඇඳන්02 ක් පමණක් අසාද්‍ය තත්වයේ පසුවන භික්ෂූන් වහන්සේ දෙනමක් වෙනුවෙන් වෙන්කොට තබා ගෙන තිබෙන බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගෙන් කල විමසීමකදී පැවසීය .
ෂේන් සෙනෙවිරත්න