පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදි ලැබෙන්නේ හොඳ ආහාර වේලක් නොව සාමාන්‍ය ආහාර වේලක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
අද (05දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මාධ්‍යවල වාර්තා වෙනවා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට විශාල වියදමක් යන බව. පාර්ලිමේන්තුවේ අයවැය දවසට හැරුණාම අනිත් දවස්වලට මන්ත්‍රිවරු 225ම පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් ආහාර ගන්නෑ.
පාර්ලිමේන්තුව මාසෙකට තියෙන්නේ දවස් 08යි.ඒකෙන් දවස් හතරයි උදේ ආහාර ගන්න පුලුවන්. දවස් අටේම දිවා ආහාරය ගන්න පුලුවන්.
නමුත් පාර්ලිමේන්තුවේ සේවකයන් එක්දාස් ගාණක් සිටිනවා.මේ අයට පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සහ තේ ලබාදෙනවා.
ඒ සියලු වියදම් පාර්ලිමේන්තු මන්ත්‍රිරුන්ගේ ගිණුම්වලට ලඝුකරලා තමයි සමාජගත වෙල තියෙන්නේ.මේ පිළිබඳව කථානායකවරයා රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි. නැත්නම් රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ 225ම මුදල් නාස්ති කරනවා කියලා.අපිට ලැබෙන්නෙ හොඳ ආහාරවේලකුත් නෙමෙයි සාමාන්‍ය ආහාර වේලක්.”