වර්ෂාවත් සමඟ අද (24) අළුයම පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පාලම් තුන හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මංතීරුව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.