පාර්ලිමේන්තුවට අලුතින් පුටු 232ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පළ වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව කථා නායක මාධ්‍ය ඒකකය පවසයි.
එමෙන්ම, පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිලිද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නොමැති බවද මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
විශේෂයෙන්ම පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති ආසන සහ අනෙකුත් සියලු උපකරණ කිසියම් ඓතිහාසික වටිනාකමක් සහිත සංකේතයන් වන බැවින්, එම උපකරණයන්හි කිසියම් වෙනසක් සිදු කරන්නේ නම් එය ඉතා අරපරෙස්සමින් සිදුකළ යුතු කාර්යයක් බව කථානායකවරයාගේ අදහස වී තිබේ.
උපුටා ගැනීම
“කෙතරම් පැරණිවුවද පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන්වල යම් අබලන් තත්ත්වයක් පවතී නම් අවම වියදමකින් එය අලුත්වැඩියා කිරීම මිස අලුතින් මිලදී ගැනීම නොකළ යුතු බවත්, පාර්ලිමේන්තුවේ පෞඪ ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත් කථානායකවරයා විසින් දැඩිව අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, ලෝකයේ දසතින් වැදගත් රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම දිනපතා 3500 ඉක්මවන පාසල් සිසුන් ඇතුළුව විශාල ජනතාවක්ද පැමිණෙන රටේ පාලන මධ්‍යස්ථානය වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කාලීනව පැන නගින අවශ්‍යතා මත පිළිසකර කර අභිමානවත් ලෙස පවත්වාගෙන යෑමේ වගකීම බැහැරකළ නොහැක.
නමුත්, එම කටයුත්ත උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදුකරන බවට කථානායකතුමන්ගේ පූර්ණ අධීක්ෂණයට ලක්වේ. මේ අනූව, දැනට පාර්ලිමේන්තු වහලයේ සහ මල නාළිකා පද්ධතියේද, වැසිකිළි පද්ධතියේද පිළිසකර කිරීමක් ගැන පමණක් අවධානය යොමුව ඇත.
සැබෑ තත්ත්වය එසේ වන හෙයින්, පාර්මේන්තුවට අලුතින් පුටු මිලදී ගැනීමට සූදනම් වන බවට පතුරවමින් පවතින පුවත කිසියම් පාර්ශ්වයක් විසින් කරුණු විකෘති කර නිර්මාණය කරන ලද පුවතක් බවත්, මෙය පාර්ලිමේන්තුවත් එහි
නියෝජිතයනුත් අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ද්වේශ සහගත ලෙස මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුකළ පහත් ක්‍රියාවක් බවත්, අවධාරණය කරමු.
පාර්ලිමේන්තුවට නව පුටු මිලදී ගැනීමක් පිළිබඳව වත්මන් කථානායකතුමන්ගේ ධූර කාලය තුළ මේ දක්වා කිසිඳු අවධානයක් යොමු කර නොමැති අතර, ඉදිරියේදීද එවැනි කටයුත්තක් සිදු නොවනු ඇත. එය කලානුරූපව පැන නගින අවශ්‍යතා අනූව අනාගතයේදී පත්වන වෙනත් කථානායකවරයෙකුට භාර කටයුත්තක්ම වනු ඇත.
ස්වකීය ධුරයට පත් වූ දින සිට හිටපු කථානායකතුමන්ගේ පැරණි නිල රථය අලුත්වැඩියා කර භාවිතයට ගනිමින්, හිටපු කථානායකතුමන් භාවිතා කළ නිල කබාය තමාට සුදුසු පරිදි සකස් කර භාවිතා කරමින්, මහජන මුදල් ආරක්ෂා කිරීමෙහිලා වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ලබාදුන් ආදර්ශය මත පිහිටා පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරනු ඇත.”