පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ පෙත්සම් විභාගයේ තීන්දුව අද සවස 4.00ට ලබාදීමට නියමිතය.
තීන්දුව අද සවස ප්රකාශ කරන බවට වාර්තා වීමත් සමග එම තීන්දුව ඒකමතික තින්දුවක් එසේත් නොමැති නිම් බෙඳුණ තීන්දුවක් හා ජනපතිගේ ගැසට් නිවේදනය හරි එසේත් නොමැති නම් වැරදියි යනාදී ලෙස ජනතාව අතර ඔට්ටු ඇල්ලීම් ඇතිව තිබෙන බවත් වාර්තා වෙයි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට හා මහ මැතිවරණයක් කැඳවීමට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් 7 පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කර අවසන් කිරීම පසුගිය සිකුරාදා දිනයේදී සිදුවිය.
එම ගැසට් නිවේදන සඳහා මේ වන විට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.