පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දෙවැනි දිනයටත් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ජනති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහරමින් මහ මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ පක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් හා විපක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත්විය.
එම පෙත්සම් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම පෙත්සම් ඊයේ (04දා) , අද (05 දා) හා හෙට (06දා) දා විභාග කිරීමට නියමිතව තිබේ.