පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස දැනුම් දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් දේශපාලන පක්ෂ 05ක් ඇතුථ පෙත්සම්කරුවන් 13 දෙනකු විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් වල අතරමැදි පෙත්සම්කරුවන් 05දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට අද විරෝධතා ඉදිරිපත් කළහ.
මෙලෙස විරෝධතා ඉදිරිපත් කරන ලද්දේ මෙම පෙත්සම් වලට අතරමැදි පෙත්සම්කරුවන් ලෙස සම්බන්ධව සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන උයද ගම්මන්පිළ, ජී.එල්. පීරිස්, චන්න ජයසුමන, ජගත් වැල්ලවත්ත සහ නීතීඥ පේ‍්‍රමනාත් දොළවත්ත යන මහත්වරුන් විසිනි.
මෙම පෙත්සම් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස දැනුම් දෙමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නේය.
මෙම පෙත්සම් ලබන දෙසැම්බර් මාසයේ දින තුනකදී විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාගයට ගන්නා ලබන මස 04 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙසද නියම කළේය.
ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, සමස්ථ ලංකා මහජන කොන්ග්රසය, ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ යන දේශපාලන පක්ෂ රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන දේශපාලනඥයින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු, නීතීඥවරුන් වන අරුණ ලක්සිරි, ලාල් විජේනායක යන මහත්වරුන් ජී.සී.ජේ. පෙරේරා, ඉන්දික ගාල්ලගේ, මැතිවරණ කොමිසමේ සාමිජිකයකු වන රත්නජීවන් හුල් මහත්වරුන්ද මෙම පෙත්සම් 13 ඉදිරිපත් කොට තිබිණි.